2023-04-23

Fiverr - 2 කොටස (Sign-up වීම සහ profile එක complete කිරීම)

~~~ වැදගත් කරුණු ටික ලියාගන්න ~~~

අලුතෙන්ම Fiverr එකට join වෙන කෙනෙකුට (ඒ වගේම කලින් join වෙලා ඉන්න අයටත්) වැදගත් වෙන කරුණු කීපයක් ගැන තමයි අපි මේ කතා කරන්නෙ.
 




Fiverr එකේ Sign up/ Register වෙන කොට නම, ගම අහන තැන් වලදි ඇත්තම විස්තර දෙන්න. අපි මුදල් withdraw කරන කොට (සහ verification අවශ්‍ය වෙලාවට) අපේ account එකේ (Payoneer/Paypal/Bank account එකේ) තියෙන නම, Fiverr එකේ තියෙන නම, identity card/ driving license වල තියෙන නම වගේ දේවල් සමාන වෙන්න ඕනෙ.


Username එක

Username එකට කැමති එකක් දාන්න පුුලුවන්. හැබැයි මේක buyersලාට පේනවා. දාපු username එක වෙනස් කරන්නත් බෑ. ඉතිං තාම register/join වෙලා නැති කෙනෙක් නම් buyersලාට මතක හිටින විදිහෙ, professional විදිහෙ username එකක් හදන්න උත්සාහ කරන්න. Superman123, SiripaalaRox වගේ ඒවා දාන්න එපා. SEO වැඩ කරන කෙනෙක් නම් නම් seo_expert වගේ එකක් ගැළපෙනවානෙ. ඒ හින්දා ටිකක් හිතලා, කල්පනා කරලා දාන්න. 

NOTE: තව දෙයක් කියන්නම්. කවුරුහරි buyer කෙනෙක් search කරලා අපේ gig එක හොයාගන්න‌ කොට, අපේ gig එක search results වල උඩට එන්න අපේ username එකත් උපකාරි වෙනවා. ඒ හින්දා buyer කෙනෙක් search කරන වචන දාලා username එක හදන්න පුලුවන් නම් ‌එහෙම කරන්න. (උදා: Logo_Pro, Graphic_Wizard, DesignWorld) හේතුව තමයි username එක අයිති වෙන්නෙත් Gig URL එකට නිසා. වැඩි විස්තර සඳහා keywords ගැන තියෙන post එක කියවන්න.

කලින් ඉඳන් register වෙලා ඉන්න කෙනෙක් නම් username එක ප්‍රශ්නයක් කරගන්න එපා. 👍

Fiverr එකෙන් email එකක් එයි. ඒකෙ තියෙන activation link/button එක click කරලා Fiverr account එක activate කරගන්න.

ඊටපස්සෙ seller account එක activate කරගන්න "Become a seller" එකෙන් යන්න.


ඔතනදි විස්තර දාන්න තියෙනවා. ඊටපස්සෙ Social media accounts එක්ක link කරන්න තැනක් එනවා. (මේක අත්‍යවශ්‍යමයි කියලා එකක් නම් නෑ. හැබැයි ඒවා link කළා කියලා ඒ තොරතුරු Fiverr එකෙන් පිටට දෙන්නෑ. ඒ හින්දා ඒවා link කළත් ප්‍රශ්නයක් නෑ.)

අවශ්‍ය විස්තර දැම්මට පස්සෙ phone verify කරන්න වෙයි.


Profile එකේ description එක

හොඳ sellers ලාගෙ තියෙන විදිහ ටිකක් බලලා හොඳ විදිහට විස්තර දාන්න. Dear sir/madam වගේ ඒවා දාන්න එපා. කෙලින් කතා කරන්න. මේ කෙනා නම් හොඳයි කියලා විශ්වාසය ඇති වෙන විදිහට experience ගැන එහෙම දාලා, ඔයා කරන gigs එක්ක ගැළපෙන විදිහට හදන්න. ඉංග්‍රීසි ව්‍යාකරණ දන්නැත්තං Grammarly එක web browser එකට දාගන්න. ඒකෙන් ව්‍යාකරණ නිවැරදි කරලා දෙනවා. Description එක දාන කොට මෙන්න මේ ක්‍රම වලින් එකක් භාවිතා කරන්න පුලුවන්.

  • තමන්ගෙ ඉංග්‍රීසි දැනුමෙන්ම type කිරීම
  • Google translate වල සිංහලෙන් type කරලා ඒකෙ ඉංග්‍රීසි translation එක දැමීම 


Profile picture එක

තමන්ගෙම ෆොටෝ එකම දාන්නත් පුලුවන්. තමන්ගෙ photo එකක් පාවිච්චි කරලා හදපු vector/cartoon පෙනුමක් තියෙන එකක් වුණත් ප්‍රශ්නයක් නෑ ඉතිං.


Skill tests

කැමති නම් skill test එකක් කරන්න. පාස් වුණොත් ඒක profile එකේ පෙන්නනවා. Fail වුණොත් පෙන්නන්නෑ කියලා තමයි Fiverr එකෙන් කියන්නෙ. Skill test එක pass වෙන්න කෙටි ක්‍රමයක් කියන්නම්.

  1. Google lens කියන app එක දාගන්න
  2. ඒකෙන් ප්‍රශ්නය scan කරපුවාම text එක විතරක් අරන් copy කරගන්න පුලුවන්
  3. ChatGPT (https://chat.openai.com) එකට ගිහින් ප්‍රශ්නය paste කරන්න
  4. තත්පර කීපයක් ඇතුළත උත්තරේ ලැබිලා තියෙයි

Fiverr courses

Fiverr එකෙන් කරන courses වලින් නොමිලේ කරන එකක් තියෙනවා. (වීඩියෝ ටික ඉවර වෙනකන් බලන්නයි, පොඩි ප්‍රශ්න කීපයකට උත්තර තෝරන්නයි තියෙන්නෙ.) ඒක කරන්න. ඒකෙ ගොඩක් වැදගත් දේවල් කියලා දෙනවා. මුදල් ගෙවලා කරන ඒවා නම් අවශ්‍යම නෑ ඉතිං. 

 

 

මම දාන්න ඕනෙ මොන විදිහෙ GIG එකක්ද?
ඒක තමන්ම තමයි තීරණය කරන්න ඕනෙ. උදාහරණයක් විදිහට ඔයාට Photoshop ඕපන් කරලා ඒකෙන් “මොකක් හරි දෙයක්” කරන්න පුලුවන් නම්, අන්න ඒ දේ GIG එකක් විදිහට දාන්න පුලුවන්. කවදාවත් photoshop භාවිතා කරන්නැති කෙනෙකුට ඒ සේවාව අවශ්‍ය වෙන්න පුලුවන්.

නැවතත් මතක් කරනවා, Buyer කෙනෙක් විදිහට ගිහින් (Username එක click කරලා, Switch to buying එකෙන්) බලන්න ඒකෙ කට්ටිය කරන gigs මොනවද කියලා. Categories සහ ඒවා යටතේ තියෙන දේවල් හොඳට බලන්න.


එහෙනම් දැන් ඔයාලා හිතන සීමාවෙන් එහාට ගිහින් විවිධ පැති වලින් කල්පනා කරලා බලන්න ඔයාට Fiverr එකේ කරන්න පුලුවන් මොන වගේ දේවල්ද කියලා.

* ඉහළ ගුණාත්මක බවකින් යුතු සේවාවක් සාධාරණ මුදලකට ගන්න පුලුවන් විශ්වාසවන්ත තැනක් විදිහට Fiverr එක ලෝකෙ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. ඒ ගුණාත්මක සේවාවන් හින්දා තමයි ගොඩක් buyersලා මේකෙන් සේවාවන් මිලදී ගන්න එන්නෙ. ඒ හින්දා ඔයාලත් High-quality service එකක් දෙන්න.


අලුතෙන් Fiverr එකේ තැනක් හදාගන්න එක ලේසි වැඩක් නෙවේ. ටිකක් මහන්සි වෙන්න ඕනෙ. 

 

Do not give up.

වීඩියෝව ගත්තෙ මෙතනින්: https://youtube.com/@BuddhismInEnglish







No comments:

Post a Comment