~~~ වැදගත් කරුණු ටික ලියාගන්න ~~~
Buyer කෙනෙක් තමන්ට අවශ්‍ය දේ search කරනවානෙ. ඒ search කරන වචන වලට කියන්නෙ keywords කියලා. එතකොට ඒ keywords වලට අදාළ search results වලදි මුල් පිටු වලම එයාට අවශ්‍ය සේවාව තියෙනවා නම්, එයාට ඊළඟ පිටු වලට ගිහින් බලන්න අවශ්‍යතාවයක් නෑ. ඒ හින්දා අපේ gig එක search results වල මුල් පිටුවක පෙන්නන විදිහට අපි gig එක හදාගන්න ඕනෙ.
Level 1,2 කෙනෙක් නම් promoted gigs, seller plus වගේ ඒවා හරහා gig එක උඩට ගන්න පුලුවන්. නමුත් අලුතෙන්ම එන අයට ඒ පහසුකම් නෑ. ඒ හින්දා gig එක SEO (Search Engine Optimization) කරන්නම වෙනවා. පරණ අයත් කාලෙන් කාලෙට SEO කරන්න වෙනවා ඉතිං.
මේකෙදි buyer කෙනෙක් search කරන keywords (සහ ඊට අදාළ වෙනත් keywords) අපේ gig එකේ මේ තැන් වල තියෙන්න ඕනෙ.
- Title එක
- Description එක
- Tags (Keywords)
- Gig image එකේ file name එක
- මීට අමතරව Gig image එකේ metadata ගැනත් කට්ටිය කියන බව ඔලුවෙ තියාගන්න
දැන් SEO කරන්න යන්නෙ. ඒකට අපි පොඩි research
එකක් කරන්න ඕනෙ. උදාහරණයක් විදිහට අපි Logo Design ගිග් එකක් දානවා කියලා
හිතමුකො. දැන් මේකට අදාළව හොද keywords ටිකක් හොයාගන්න ඕනෙ.
මෙතන අපේ ප්‍රධාන අරමුණ Fiverr හරහා යම් ආදායමක් ලබන එක තමයි. නමුත් ඒ මට්ටමට පත් වෙන්න අපි කරන්න ඕනෙ තව දේවල් ටිකක් තියෙනවා.
දැන් අපි keywords හොයමු.
Search bar එකෙන් keywords සෙවීම
අපි search bar එකේ logo design කියලා search කරන්න හදන කොට එයා අපිට පෙන්නනවා ඒ සම්බන්ධව වැඩිපුරම search වෙන keywords ටික. උදාහරණයක් විදිහට logo design කියලා type කරන කොට ඒ හා සම්බන්ධ search terms ටිකක් පෙන්නනවා.
දැන් ඔය තියෙන search terms ටික ලියාගන්න. (නැත්තං excel sheet එකකට දාගන්න). ඒවාත් අපි keywords විදිහට ගන්නවා. ඊට පස්සෙ ඔය keywords එකින් එක search කරලා, ඒ ඒ keyword එකට අදාළව තියෙන සම්පූර්.ණ gigs ගණන ලියාගන්න.
Suggest වෙන search terms අතරින් logo design කියන එක මම මුලින්ම search කරනවා.
podcast logo design title එකට දාලා අපි seo කලාම buyer logo designs කියලා search කළොත් අපේ gig පෙන්නවාද නැත්නම් podcast logo design කියලා search කළොත් විතරද පෙන්නන්නෙ
ReplyDeleteඒකට උත්තරේ සරලව මෙහෙම කියන්න පුුලුවන්.
Delete"Podcast logo design" කියලා search කරන අයව අල්ලගන්න තමයි අපි ඒ term එක තෝරගන්නෙ. එතනදි අපිට "podcast" කියන වචනෙ දාන්නැති අයව ගොඩක් වෙලාවට මගහැරෙනවා.
උදා:- "Logo design" කියලා search කරපුවාම ඒ gig එක 10 වෙනි පිටුවෙ තියෙයි, "Podcast logo design" කියලා search කරපුවාම මුල් පිටුවෙ තියෙයි.