Fiverr - Freelance Services Marketplace
මුලින්ම අපි Fiverr ගැන පොඩි අවබෝධයක් ගන්න හදන්නෙ. ඉතිං මේ කියන දේවල් වල තියෙන වැදගත් කරුණු පොඩි පොතක/කොලයක සටහන් කරගන්න. ඒවා වැදගත් වෙයි.
සරලවම කිව්වොත් ඔතන සිද්ධ වෙන්නෙ මෙහෙම දෙයක්.
- Sellersලා තමන්ගෙ සේවාවන් (Gigs) ටික Fiverr එකේ publish කරලා තියෙනවා
- Buyersලා එතනින් තමන්ට අවශ්‍ය සේවාව තියෙන Gig එකක් හොයාගෙන ඒකට අදාළ මුදල ගෙවනවා (Order කරනවා)
- ඊටපස්සෙ sellerට ඒක කරන්න අවශ්‍ය තොරතුරු buyer විසින් submit කරනවා
- Seller ඒ අවශ්‍ය විදිහට කරලා ඒක buyerට යවනවා (Deliver කරනවා)
- Buyerට ඒකෙ වෙනස්කම් අවශ්‍යයි නම් modifications/revisions ඉල්ලනවා
- Buyerට අවශ්‍ය විදිහට තියෙනවා නම් එයා order එක complete/accept කරනවා
- ඊටපස්සෙ seller හොඳයිද නැද්ද කියන එක ගැන අනිත් අයට දැනගන්න review එකක් දානවා. ඊට අමතරව තව review එකකුත් දානවා, ඒක අපිට පේන්නෑ.
- Buyer විසින් ගෙවපු මුදල දවස් 14කට පස්සෙ තමයි sellerට ගන්න පුලුවන් (clear වෙනවා)
(දැන් web browser එකේ වෙන tab එකක් open කරගෙන, ටිකක් එහෙම search කරලා බලන්නකො. ලෝගෝ ඩිසයින්ම නෙවේ, ඕනෙම එකක් search කරන්න.)
Search කරපුවාම ඔයා දකිනවා විවිධ sellersලා ඒකෙ දාපු GIGs තියෙන විදිහ. ඒ වගේම search results වලදි එක් එක් GIG එකට අදාළව
මේ දේවල් ටිකත් ඔයා දකිනවා....
- GIG image එක
- Title එක (I will……..)
- Sellerගෙ level එක
- GIG එකේ rating එක (අලුත්ම ගිග් එකක් හොඳද නරකද කියලා බලන අත්හදාබැලීම කරනවද? නැත්තං කලින් ඉඳන්ම හොදයි කියලා නිර්දේශ වුණ එකක් ගන්නවද?)
- GIG එකේ starting price එක
- Sellerගෙ username එක
ඔය ටික බලලා හොඳයි කියලා හිතෙන GIGs කීපයක් තෝරගෙන ඒවා click කරලා [clicks] ඇතුළ බලනවා.
ඇතුළෙ තියෙන්නෙ මේවා.
- GIG images 3ක්
- කලින් කරපු වැඩ
- කලින් buyersලා දාපු reviews
- GIG එක ගැන විස්තරය
- මිල ගණන් (price packages)
- Seller ගැන විස්තර
- FAQ එක
- දැන් Online ඉන්නවද කියන එක
- Reply කරන්න sellerට ගතවෙන කාලය
ඔය දේවල් අනුව තමන්ට වඩාත්ම හොඳයි කියලා තේරෙන එකේ, තමන්ට අවශ්‍ය package එක තමයි order කරන්නෙ.
මට ඉංග්‍රීසි දැනුම නෑ. මට Fiverr කරන්න බැරි වෙයිද?- පුලුවන්. මුලින්ම අර “නෑ” , “බෑ” කියන වචන දෙක අයින් කරගන්න.
- තමන් කරන ගිග් එකට අදාළ ඉංග්‍රීසි වචන කීපය නම් අනිවාර්යයෙන් දැනගන්න ඕනෙ. ආරම්භයක් ගන්න කෙනාට ඒ ටික විතරකුත් ඇති.
- Sinhala-English dictionary softwares ඕනෙ තරම් තියෙනවා. දන්නැති වචන වල තේරුම් දැනගන්න එක අමාරු වැඩක් නෙවේ.
- සිංහල වාක්‍යයක් ඉංග්‍රීසි වලට translate කරගන්න ඕනෙ නම් කෙලින්ම Google translate භාවිතා කරන්න. ඒකෙ English to Sinhala අවුල් වුණාට Sinhala to English හොඳට translate වෙනවා.
- ඉංග්‍රීසි ව්‍යාකරණ දන්නැත්තං, grammarly එක firefox/chrome වලට දාගන්න. ඒකෙදි වෙන්නෙ ටයිප් කරන කොට මොකක් හරි වැරැද්දක් වුණොත් ඒකෙන් හරිගස්සනවා.
- ඔය වැඩ කෙරෙන අතරෙ ඉංග්‍රීසිත් ඉගෙන ගන්න.
Fiverr එකේ වැඩ කරන්න පරිගණක සම්බන්ධව ලොකු දැනුමක් තියෙන්න ඕනෙමද?
- පරිගණක දැනුම තියෙන අය Graphic, Animation, Programming, etc. ඒවා කරනවා.
- කලාව දන්න අය Music, Drawing, Dancing, etc. කරනවා.
- ගණිතය, විද්‍යාව දන්න අය ඒ සම්බන්ධ වැඩ කරනවා.
- Marketing දන්න අය ඒවා කරනවා.
- Management දන්න අය ඒවා කරනවා.
- Audtocad දන්න අය ඒකෙන් වැඩ කරනවා.
- ලියන්න දන්න අය ලියනවා.
- හොඳ කටහඬක් තියෙන අය ඒකෙනුත් වැඩ ගන්නවා.
- මන්තර ගුරුකම් දන්න අය ඒවත් කරනවා.😂
- උගන්වන්න දන්න අය උගන්වනවා.
- තව ගොඩක් දේවල් කරනවා.
ඉතිං මුලින්ම Fiverr.com එකේ එහාට,මෙහාට, උඩට, පහළට ගිහින් බලන්න ඒකෙ කට්ටිය කරන gigs මොන වගේ ඒවාද කියලා. categories, sub categories එහෙම හොදට එකින් එක
බලන්න. ඔයාට කරන්න පුලුවන් මොනවද, අලුතෙන් හඳුන්වලා දෙන්න පුලුවන් මොනවද
කියලා හොදට හිතලා බලන්න. වෙනස් විදිහවල් වලින් හිතන්න.
සමහර විට ඔයා හිතනවා ඇති ඔයා කලින් Fiverr කරන්න පටන් අරන් අසාර්.ථක වුණ කෙනෙක් කියලා. නමුත් මේ ලිපි පෙළ පිළිවෙලට කියවලා අවශ්‍ය තොරතුරු ටික අරගත්තොත්, එදා තිබුණ අඩුපාඩු මඟහරවාගෙන හොඳ ගමනක් යන්න පුලුවන්.
Who you are/ where you are tomorrow?
වීඩියෝව උපුටාගැනීම : https://www.youtube.com/@BuddhismInEnglish
Keep it up QS - EK
ReplyDeleteVery hepful
ReplyDeleteThanks
ReplyDeleteThnx❤️
ReplyDelete