~~~ වැදගත් කරුණු ටික ලියාගන්න ~~~
කලින් post එකේදි අපි search bar එකෙන් keywords ටිකක් හොයාගන්න විදිහ ඉගෙනගත්තා. එතනින් නවතින්නැතුව අපි තව keywords හොයාගන්න ඕනෙ. තව කරන්න දේවල් ටිකක් තියෙනවා.
First page එකේ තියෙන Gigs වලින්
උදාහරණයක් විදිහට logo design කියන එක ගත්තොත්... අපි logo design කියලා search කරපුවාම මුල් පිටුවෙ පෙන්නන Gigs වලින් keywords අරගන්න තමයි දැන් යන්නෙ. ඒ Gigs මුල් පිටුවට එන්න හේතු වුණ keywords මොනවද කියලා අපි හොයන්න ඕනෙ. ඉතිං ඒකට ගැළපෙන Gigs ටිකක් මුලින්ම තෝරගන්න ඕනෙ. (ඉතිං දැන් logo design නෙවේ, ඔයා කරන වැඩේට අදාළ දෙයක් තමයි search කරන්න ඕනෙ)
Promoted gigs දාපු ඒවාත් first page එකේ පෙන්නනවා. ඒ හින්දා අපි ඒවා මගහැරලා, ස්වාභාවිකවම උඩට ආපු gigs වලින් තමයි keywords ගන්න ඕනෙ.
Level 1 හෝ Level 2 හෝ top rated seller කෙනෙක්ගෙ, Reviews 20ට වඩා තියෙන gig එකක් නම් ඒක ගන්න එපා. ඒක promoted gigs වලින් උඩට ආව එකක් වෙන්න පුලුවන්. ඒ හින්දා එහෙම නොවන gigs 5ක් විතර තෝරාගන්න.
- ඒ gigs වල titles ටික excel sheet එකකට copy කරගෙන බලන්න හැම title එකටම පොදු වචන මොනවද කියලා. ඒවා ලියාගන්න.
- ඒ gigs වල description එකේ තියෙන, gig එකට අදාළ පොදු වචන ටික ලියාගන්න.
- පහළට යන කොට gig එකේ tags තියෙනවා. ඒ හැම gig එකටම පොදු tags ටික ලියාගන්න.
දැන් අපි තව keywords ටිකක් හොයාගත්තා. දැන් අපේ gig එකට අදාළව... ලස්සනට වචන ගළපන ගමන් ඔය keywords ටිකත් ඒ අතරට දාන්න ඕනෙ. මෙහෙම...
- Title එක keywords සහිතවම ලස්සනට ගළපලා හදන්න ඕනෙ
- Description එකේ වාක්‍ය ලස්සනට ගලාගෙන යන්න ඕනෙ. ඒ වාක්‍ය වල වචන අතරෙ අපේ keywords ඇතුළත් වන විදිහට වචන ගළපලා තියෙන්නත් ඕනෙ.
- Tags දාන්න පුලුවන් කීපයයි. ඒ හින්දා අත්‍යවශ්‍යම, වැදගත්ම keywords ටික එතනට දාන්න. එතන suggest වෙන ඒවා දාන්නත් පුලුවන්. (අලුත් වචන දානවා නම් type කරලා Enter එක press කරන්න)
- Gig image එක upload කරන්න කලින් ඒකෙ file name එක rename කරලා අපේ keywords ටිකක් දාන්න (search කරන කොට gig එක හම්බ වෙන්න මේකත් වැදගත් වෙනවා)
- Gig image එකේ metadata එකට keywords දානවා නම්... image එක photoshop වලින් open කරලා, File > File info වල description යටතේ තියෙන ඔක්කොම හිස්තැන් වලට keywords ටික දාන්න. වචන අතර + ලකුණු දාන්න. (මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියලා මට අත්දැකීමක් නම් නෑ. හැබැයි metadata දානවා නම් ඔහොම තමයි දාන්නෙ)
No comments:
Post a Comment