~~~ වැදගත් කරුණු ටික ලියාගන්න ~~~
තාමත් keywords කතාව තේරුණේ නැති අයට මේකෙන් යම් පැහැදිලි වීමක් ලැබෙයි.
මොනවද keywords?
Fiverr එකේදි buyer කෙනෙක් search කරන වචන තමයි keywords
මොකටද keywords?
ඒ keywords (සහ ඒ හා බැඳුණු අනිත් keywords) දාලා තියෙන gigs තමයි search results වල පෙන්නන්නෙ
Gig එකේ කොහෙද keywords තියෙන්න ඕනෙ?
- Title එකේ
- Description එකෙ
- Tags (Keywords) වල
- Gig images වල file name එකේ
- සමහර අය කියන විදිහට gig image එකේ metadata වල
මොන විදිහෙ keywordsද හොඳ?
Gigs අඩුවෙන් තියෙන keywords හොයාගත්තොත් අපේ gig එක first page එකට ගන්න ලේසියි.
Gigs අඩු, නමුත් orders එන විදිහෙ keywords හොයාගන්න ඕනෙ.
කොහොමද keywords හොයාගන්නෙ?
- Search bar එකේ suggest වෙන search terms වලින්
- First page එකේ තියෙන gigs වලින් (කොන්දේසි සහිතයි)
- Online tools වලින් (https://www.keyword.io); මම මේවා try කරලා නම් නෑ
Keywords වලින් "විතරක්" gig එක උඩට ගන්න පුලුවන්ද?
නෑ. Gig එකක් උඩට එන්න තව හේතු බලපානවා.
- අනිත් gigs එක්ක ගැළපිලා යන විදිහට මිල
- Gig එකේ තියෙන දේවල් වල quality එක
- කලින් වැඩ වලට ලැබුුණ reviews (මේක විශේෂයි)
- Active ඉන්න කෙනෙක්ද කියන එක (නිතර online ඉන්න කියන්නෙ)
- Avg. response time (අලුත් messages වලට ඉක්මණට reply කරනවද කියන එක)
- Orders completion ratio (ආව Order එකක් cancel කළොත් මේක අඩු වෙනවා)
- වෙලාවට deliver කරනවද කියන එක
- Gigs තියෙන තැන කාලෙන් කාලෙට වෙනස් වෙන විදිහට හදපු Fiverr algorithm එක (මේ algorithm එක කවුරුවත් දන්නෑ. ටිකක් අධ්‍යනය කරලා අපිම තේරුම් ගන්න ඕනෙ මෙහෙම කළොත් මෙහෙම වෙයි කියලා.)
දැන් මම මොනවද කරන්න ඕනෙ?
ආපහු අර post එක මුල ඉඳන් කියවලා ඒ විදිහට කරන්න. තව අලුත් දේවල්, අලුත් ක්‍රම හොයාගන්න.
There is nothing to worry.
වීඩියෝව ගත්තෙ මෙතනින්:- https://youtube.com/@BuddhismInEnglish

No comments:
Post a Comment